ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අද සිය 16 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ඇෆ්ගනිස්ථානය සමඟ මේ වනවිට කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම වටිනා ශතකය වාර්තා කළා.
පන්දු 184ක් තුළ වාර්තා වූ ඇන්ජලෝගේ මෙම ශතකයට හතරේ පහර 07ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වුණා.
තරගයේ දෙවන දිනය වන අද දිනයේ මේ වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 130ක් ඉදිරියෙන් පසුවනවා.
ඇන්ජලෝ මැතිව්ස් සමඟ දිනේෂ් චන්දිමාල් මේ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
1
+1
+1
+1
1
+1
1














