ජෝර්දානයේ ඇමරිකානු කඳවුරකට එල්ල කරන ලද මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක වෙත ඇමරිකාව ගුවන් ප්‍රහාර ආරම්භකර තිබෙනවා.
ඊයේ දිනයේ දී ආරම්භ කළ මෙම ප්‍රහාරවලින් මේ වනවිට අවම වශයෙන් සටන්කරුවන් 18 දෙනෙකු පමණ මිය යන්නට ඇති බවයි ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ.
ඇමරිකාව විසින් සිරියාවේ සහ ඉරාකයේ ඉලක්ක 85 කට ප්‍රහාර එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
“මැදපෙරදිග හෝ ලෝකයේ වෙනත් කිසිම තැනක ඇමරිකාව ගැටුමක් සොයන්නේ නැහැ, අපට හානියක් කිරීමට උත්සාහ කරන සියල්ලන්ට අපි පිළිතුරු දෙනවා.” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු පවසා තිබෙනවා.
ජෝර්දානයේ ඇමරිකානු කඳවුරකට එල්ල කළ මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.




