සිරියාවේ සහ ඉරාකයේ ඉලක්ක වෙත ඇමරිකාව ප්‍රහාර අරඹයි

ජෝර්දානයේ ඇමරිකානු කඳවුරකට එල්ල කරන ලද මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක වෙත ඇමරිකාව ගුවන් ප්‍රහාර ආරම්භකර තිබෙනවා.

ඊයේ දිනයේ දී ආරම්භ කළ මෙම ප්‍රහාරවලින් මේ වනවිට අවම වශයෙන් සටන්කරුවන් 18 දෙනෙකු පමණ මිය යන්නට ඇති බවයි ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

ඇමරිකාව විසින් සිරියාවේ සහ ඉරාකයේ ඉලක්ක 85 කට ප්‍රහාර එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

“මැදපෙරදිග හෝ ලෝකයේ වෙනත් කිසිම තැනක ඇමරිකාව ගැටුමක් සොයන්නේ නැහැ, අපට හානියක් කිරීමට උත්සාහ කරන සියල්ලන්ට අපි පිළිතුරු දෙනවා.” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙම ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු පවසා තිබෙනවා.

ජෝර්දානයේ ඇමරිකානු කඳවුරකට එල්ල කළ මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33