ඇහැළියගොඩ ඉඩමක දූරියන් ගසක් යට පුද්ගල මළ සිරුරක්

ඇහැළියගොඩ, බටහිර පත්බේරිය, වටාම්පිටිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (02) සොයාගෙන තිබෙනවා.

අදාළ ඉඩමේ දූරියන් ගසක් යට තිබී මෙලෙස සොයාගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසු වූ පරකඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

එම මළ සොරුර සොයාගන්නා අවස්ථාවේ දී එක් පාදයක පිළිස්සුම් තුවාල දක්නට තිබූ බවයි පොලිසිය පවසන්නේ.

අදාළ ඉඩමේ හිමිකරු විසින් දූරියන් ආරක්ෂා කරගැනීමට ඉඩමට විදුලි රැහැන් ඇද තිබී ඇති අතර, මෙම පුද්ගලයාට විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරුවන 51 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු එය ඇහැළියගොඩ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04