‘සෝල් බීච්’ හෝටලය කඩා දැමීමට එරෙහිව ගොනු කළ පෙත්සමට විරෝධතා දැක්වීමට කල් දෙයි

දෙහිවල මුහුදු තීරයේ පිහිටි ‘සෝල් බීච්’ හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධියට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන වීඩියෝ දර්ශන විවෘත අධිකරණයේ නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම අද (02) සලකා බැලීම සඳහා ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් අදාළ පෙත්සම සඳහා සීමිත විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, අනුව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ජේෂ්ඨ රජයේ නීතිඥවරයාට අවසර ලබා දුන් අධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 04 වන දා කැදවන ලෙස නියෝග කළා.

මෙහිදී පෙත්සමේ දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළව ඉදිරිපත් කර තිබෙන වීඩියෝ දර්ශන විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කර කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ දී අදාළ වීඩියෝ දර්ශන විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදුන්නා.

සොල් බීච් ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන, ගල්කිස්ස ප්‍රදේශයේ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ අදාළ ස්ථානයේ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යාම සඳහා තමන්ට නීත්‍යානුකූල අවසරය ලැබී තිබුණු බවයි.

එසේ තිබියදී වගඋත්තරකරුවන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම ව්‍යාපාරික ස්ථානය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙත්සම්කරුවන් පවසනවා.

එබැවින් වග උත්තර කරුවන්ගෙන් තමන්ට වන්දි අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද තිබෙනවා.

එසේම කඩා ඉවත් කෙරුණු සිය ව්‍යාපාරික ස්ථානය පිහිටි ස්ථානයේම නැවත ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33