කෙන්යාවේ ගෑස් කම්හලක පිපිරීමෙන් 300කට අධික පිරිසක් තුවාල ලබයි

කෙන්යාවේ ගෑස් කම්හලක පිපිරීමෙන් මේ වනවිට තිදෙනෙකු මිය ගොස් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම පිපිරීමෙන් පසු එහි ගෑස් හැසිරවීමේ පහසුකම නිරීක්ෂණය කරමින් සිටි ආරක්ෂක නිලධාරියාව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහුට එල්ල විය හැකි චෝදනා මොනවාද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

නිවාස, ව්‍යාපාර සහ මෝටර් රථවලට හානි සිදුවී ඇති අතර පිපිරීමට හේතුව තවමත් තහවුරු වි නැහැ.

පොලිස් පවසන්නේ පිපිරීමෙන් මියගිය අය අතර කුඩා දරුවෙකු සිටින බවත්, මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

පුද්ගලයින් 271 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් 27 දෙනෙකුට ප්‍රතිකාර ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?