Empty Ad
AFC Banner
Empty Ad

ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අත්හැර ෆෙරාරි සමඟ ගිවිසුම් ගතවෙයි

07 වතාවක් ලෝක ෆෝමියුලා ශූරතාව දිනාගත් ෆෝමියුලා මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් කණ්ඩායම අතහැර ෆෙරාරි කණ්ඩායම සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.

2025 තරග වාරය සඳහා ඔහු මෙලෙස ෆෙරාරි කණ්ඩායම සමඟ එක්වන බවයි වාර්තා වන්නේ.

ඒ, බව ෆෙරාරි කණ්ඩායම නිවේදනය නිකුත් කරමින් තහවුරු කළා.

මෙම පළපුරුදු බ්‍රිතාන්‍ය රියදුරා පවුම් මිලියන ගණනක බහු අවුරුදු කොන්ත්‍රාත්තුවක් මත කණ්ඩායමට එක්වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

“මර්සිඩීස් මගේ ජීවිතයේ කොටසක් වූයේ මට වයස අවුරුදු 13 සිටයි, එය මා හැදී වැඩුණු ස්ථානයයි, එබැවින් ඉන් ඉවත්ව යාමට ගත් තීරණය කිරීම මට මෙතෙක් ගැනීමට සිදු වූ දුෂ්කරම තීරණවලින් එකකි” යනුවෙන් හැමිල්ටන් මර්සිඩීස් වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණා.

“මෙම කණ්ඩායම සමඟ පුදුමාකාර වසර 11ක් ගත කර ඇති අතර, අපි එක්ව අත්කර ගත් දේ ගැන සැබැවින්ම ආඩම්බර වනවා.” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කරනවා.

මයිකල් ෂූමාකර් සමඟ ලොව වැඩිම ෆෝමියුලා වන් ලෝක ශූරතා වාර්තා බෙදාගන්නා මෙම 39 හැවිරිදි මෝටර් රථ ධාවන ශූරයා සිය ක්‍රීඩා දිවිය අරඹන්නේ වසර 2007 දී මැක්ලරන් කණ්ඩායම සමඟයි.

එලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමෙන් පසු 2013 දී ඔහු මර්සිඩීස් කණ්ඩායම හා සම්බන්ධ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?