ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අත්හැර ෆෙරාරි සමඟ ගිවිසුම් ගතවෙයි

07 වතාවක් ලෝක ෆෝමියුලා ශූරතාව දිනාගත් ෆෝමියුලා මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් කණ්ඩායම අතහැර ෆෙරාරි කණ්ඩායම සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.

2025 තරග වාරය සඳහා ඔහු මෙලෙස ෆෙරාරි කණ්ඩායම සමඟ එක්වන බවයි වාර්තා වන්නේ.

ඒ, බව ෆෙරාරි කණ්ඩායම නිවේදනය නිකුත් කරමින් තහවුරු කළා.

මෙම පළපුරුදු බ්‍රිතාන්‍ය රියදුරා පවුම් මිලියන ගණනක බහු අවුරුදු කොන්ත්‍රාත්තුවක් මත කණ්ඩායමට එක්වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

“මර්සිඩීස් මගේ ජීවිතයේ කොටසක් වූයේ මට වයස අවුරුදු 13 සිටයි, එය මා හැදී වැඩුණු ස්ථානයයි, එබැවින් ඉන් ඉවත්ව යාමට ගත් තීරණය කිරීම මට මෙතෙක් ගැනීමට සිදු වූ දුෂ්කරම තීරණවලින් එකකි” යනුවෙන් හැමිල්ටන් මර්සිඩීස් වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණා.

“මෙම කණ්ඩායම සමඟ පුදුමාකාර වසර 11ක් ගත කර ඇති අතර, අපි එක්ව අත්කර ගත් දේ ගැන සැබැවින්ම ආඩම්බර වනවා.” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කරනවා.

මයිකල් ෂූමාකර් සමඟ ලොව වැඩිම ෆෝමියුලා වන් ලෝක ශූරතා වාර්තා බෙදාගන්නා මෙම 39 හැවිරිදි මෝටර් රථ ධාවන ශූරයා සිය ක්‍රීඩා දිවිය අරඹන්නේ වසර 2007 දී මැක්ලරන් කණ්ඩායම සමඟයි.

එලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමෙන් පසු 2013 දී ඔහු මර්සිඩීස් කණ්ඩායම හා සම්බන්ධ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46
Video thumbnail
ආණ්ඩුව නිසා තමයි අපිට මෙතනට එන්න වුණේ
02:42
Video thumbnail
අධිකරණය ආණ්ඩුවේ තනි අතට ගන්න හදන්නේ - අපි පරාජය කරනවා
01:10
Video thumbnail
චාමර සම්පත් පාර දිගේ බැන බැන යයි? බලය තියනකොට මොළේ නෑ
01:18