හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට ඊයේ (01) නියෝගයක් නිකුත් කර සිටියා.
ඒ, ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් විභාගවන නඩුව ඊයේ (01) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.













