බෙලිඅත්ත වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ඩුබායි රාජ්‍යට පළාගිහින් (වීඩියෝ)

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු බෙලිඅත්ත ප්‍රදේශයේ දී පසුගිය 22 වනදා වෙඩිතබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරුගේ 39 හැවිරිදි බිරිඳ බවයි වාර්තා වන්නේ.

මෙහිදී ප්‍රධාන වෙඩික්කරුගේ පියා ද පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පල්ලෙවෙල පොලිස් වසමේ නො. 7/1, පාතගම, මුද්දරගම. ලිපිනයේ සැගවී සිටිය දී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම ඝතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු අපරාධ සිදුකිරීමෙන් පසු ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ට රටින් පළායාම සඳහා ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නැමැත්තා විසින් ගුවන් ටිකට්පත් සකසා දී ඇති බවටයි කරුණු හෙළිව ඇත්තේ.

මේ වනවිට ඩුබායි රාජ්‍යට පළාගොස් සිටින ප්‍රධාන වෙඩික්කරු කලක් නාවික හමුදාවේ සේවයකර විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබලෙකු බවයි වාර්තා වන්නේ.

දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින හරේන්ද්‍ර ගුණතිලක නොහොත් හර්ෂ නැමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

මේ අතර අදාළ සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී පසුගිය වසරේ සීනගම දේවාලය අසල දී වෙඩි තබා ඝාතනය කරනු ලබන පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්ගම විදුරගේ මස්සිනාවන රත්ගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයෙකු වන දුලාජ් තරංග යන අය ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාරියක් ද කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය 23 හැවිරිදි වියේ පසුවන අතර, ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 580ක් ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12