ආදුරුප්පුවිදිය පොලිස් වසමේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු පිස්තෝලයක්ද සමහ අන්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එම අපරාධයට අවශ්‍ය කර සිටි තවන් සැකකරුවෙකු පසුගිය 31 වන දින රාත්‍රි කාලයේ ගිරිඋල්ල පොලිස් වසමේ දඹදෙනිය ප්‍රදේශයේ දී ආදුරුප්පු වීදිය පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම වෙඩි තැබීමට භාවිතා කළ බවට සැකකරන රිවෝල්ර් වර්ගයේ ගිනි අවියක්ද සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන සේරුනුවර, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ආදුරුප්පු වීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
