මෙම වසරේ ජනවාරි පළමු දින සිට 30 දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේය.
ඉන්දීය ජාතිකයින් ඉන් බහුතරයක් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇති අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ ද දිවයිනට සංචාරකයින් 210,000කට අධික සංඛ්‍යාවක් පැමිණියා.
