ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති හේමන්ත් සෝරන් ධුරයෙන් ඉල්ලා අස්වී පැය කිහිපයකට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව පැය හතක ප්‍රශ්න කිරීම්වලින් පසු ඊයේ(31) අත්අඩංගුවට ගෙන ඇති අතර හේමන්ත් සෝරන් මූල්‍ය අපරාධ දූෂණ චෝදනා එල්ල වී ඇති අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජේ.එම්.එම් පක්ෂය විසින් ප්‍රාන්තයේ මීළඟ මහ ඇමතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය චම්පායි සෝරන් නම් කර තිබෙනවා. හිටපු මහ ඇමති අත්අඩංගුවට ගැනීම දේශපාලනික කුමන්ත්‍රණයක් බව සඳහන් කරමින් චම්පායි සෝරන් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර ඇති බව සඳහන්.
එම නඩුව හෙට(02) විභාගයට ගැනීමට නියමිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1




