ඝාතනයකට සැරසුණු අපරාධකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ඝාතනයක් සිදුකිරීම සඳහා ටී- 56 වර්ගයේ ගිනි අවියක් ඇතුළු ආයුධ කිහිපයක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය විසින් මෙම සැකකරුවන් දෙදෙනා මෝටර් රථයකින් යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ වීරප්පන් සහ බාජා නැමැති අන්වර්ථ නාමවලින් හඳුන්වන සැකකරුවන් දෙදෙනෙක්.

දෙල්ගොඩ සිට අඟුරුවාතොට දෙසට ගමන්කළ මෝටර් රථයක් නාර්තුපාන පාලම ආසන්නයේ නවතා පරීක්ෂා කිරීමේ දී
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

එහිදී ටී- 56 වර්ගයේ ගිනි අවියට අමතරව උණ්ඩ 28ක් සහිත මැගසීනයක්, කඩු 02ක්, අත්බෝම්බ 02ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව ප්‍රධාන සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී තවත් කඩු 05ක්, වායු රයිෆලයක් සහ ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 01 30 at 1.07.32 PM 1
WhatsApp Image 2024 01 30 at 1.07.32 PM
WhatsApp Image 2024 01 30 at 1.07.31 PM

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12