නිවසක් පරීක්ෂාවට ගිය වනජීවි නිලධාරීන්ට ගුටි පූජාවක් දීලා (වීඩියෝ)

අනුරාධපුර මොරගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය වනජීවි නිලධාරීන්ට නිවැසියන් පහර දී තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ වනජීවි නිලධාරියෙකු යකල්ල හුරුලුවැව රෝහලට ඇතුළත් කෙරුණා.

මුව මස් සඟවා ඇති බවට අනුරාධපුර මොරගොඩ වනජීවි නිළධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව ඊයේ (28) සවස ගල්කටියාව ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර තිබෙනවා.

නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කළ එම නිවසේ පියා සහ 24 හැවිරිදි පුත්‍රයා එක්ව වනජීවී නිලධාරින්ට පහරදුන් බව වැටලීමට සහභාගී වූ නිලධාරියෙක් දසත නිවුස් වෙත පැවසුවා.

මොට ආයුධයකින් කළ පහර දීමෙන් තුවල ලැබූ වනජීවී නිලධාරියෙක් යකල්ල හුරුලුවැව රොහලට ඇතුලත් කෙරුණා.

පහරදීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම වනජීවී නිලධාරින් විසින් මොරගොඩ පොලිසියට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව පැමිණි පොලිසිය හා එක්ව නිවස පරික්ෂා කිරීමේදී සඟවා තිබූ මුව මස් තොගයක් සොයා ගැනීමට හැකි වුණා.

මුව මස් සන්තකයේ තබාගැනීම සහ සාපරාධී බලහත්කාරය පා නිලධාරීන්ට බාධා කිරීම, ආයුධයකින් පහරදී ඝාතයට තැත්කිරීම යන චෝදනා යටතේ පියා සහ පුතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි තරුණයා මීට පෙරද නීති විරෝධී ගිනි අවි දෙකක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වූ අයෙක්.

සැකකරුවන් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27