හොරණ, දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක තිබී සෙබළෙකුගේ මළසිරුරක් අද (29) උදෑසන හමුව ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුද හමුදා යුදෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.එම්.ටී. ලක්ෂ්මන් නැමැති අයෙක්.
මියගොස් ඇති සෙබළා ඊයේ (28) දින ශාරීරික අභ්‍යාස පෙළපාලියට පෙනී නොසීටී බැවින් ඔහු පිළිබඳ සොයාබලා ඇති අතර ඔහු පිළිබඳව තොරතුරක් ලැබී නැහැ.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් සෙබළාගේ ඥාතීන් ද දැනුවත් කර තිබෙනවා.
පසුව කළ පරීක්ෂා කිරීම්වල දී අද උදෑසන ඔහුගේ මළසිරුර මෙලෙස හමුව තිබුණා.
මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.













