AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සෙබළුන් තුනක් මියගිහින්

ජෝර්දානයේ සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රැඩිකල් ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ.

මෙම ප්‍රහාරයට පිළිතුරු ලබාදීමට ද කටයුතු කරන බවයි බයිඩන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජෝර්දානය පවසන්නේ මෙම ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානය තුළ නොව සිරියාවේ සිට බවයි.

මෙම කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල වී ඇති නමුත් මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් ඒවයෙන් සිදු වූ කිසිදු හානියක් වාර්තා කර නැහැ.

මෙම නවතම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තවමත් තහවුරු කරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සෙබළුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඔවුන්ගේ පවුල්වලට මේ සම්බන්ධයෙන් දැනුම්දීමට නිලධාරීන් කටයුතු කරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11
Video thumbnail
නීතිඥ නාමල් රාජපක්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - වැඩබලන පොලිස්පතිගෙත් රෙදි ලෙෆ්ට්
07:41
Video thumbnail
ඇත්තටම ලැජ්ජයි - හොඳ වෙලාවට ඇමරිකන් ආණ්ඩුව මේ අනතුර ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළේ #arugambe
02:09

?