එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් – සෙබළුන් තුනක් මියගිහින්

ජෝර්දානයේ සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද හමුදා කඳවුරකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රැඩිකල් ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ.

මෙම ප්‍රහාරයට පිළිතුරු ලබාදීමට ද කටයුතු කරන බවයි බයිඩන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජෝර්දානය පවසන්නේ මෙම ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානය තුළ නොව සිරියාවේ සිට බවයි.

මෙම කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල වී ඇති නමුත් මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් ඒවයෙන් සිදු වූ කිසිදු හානියක් වාර්තා කර නැහැ.

මෙම නවතම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තවමත් තහවුරු කරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සෙබළුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඔවුන්ගේ පවුල්වලට මේ සම්බන්ධයෙන් දැනුම්දීමට නිලධාරීන් කටයුතු කරන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42