කතරගම – සෙල්ලකතරගම මාර්ගයේ පස්සරයාය ප්‍රදේශයේ දී ඊයේ (28) රාත්‍රියේ සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
කතරගම පොලිසිය විසින් අප කළ විමසීමක දී සඳහන් කළේ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (28) රාත්‍රි 10ට පමණ මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
ඒ, අනුව අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වේගය පාලනය කරගත නොහැකි වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක, නවතා තිබූ යතුරුපැදියක සහ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.













