දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළට

දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දමමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු ඉහළ යන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50.00 සිට රුපියල් 150.00ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පාර්සල් ප්‍රවාහන කිරීමේ දී මෙතෙක් ක්‍රියාත්මක කළ එම පාර්සලයේ බර අනුව ගාස්තු අයකිරීම වෙනුවට දුම්රිය ස්ථානට ඇති දුර පදනම් කර ගනිමින් ගාස්තු අය කර එම ගාස්තුව අනුව වැට් බදු පමණක් අය කර පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කිරීමට තීරණය කර තිබෙනවා.

පාර්සල් ප්‍රවාහනයේ දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.