ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.
ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.













