උ.පෙළ කෘෂි විද්‍යා පේපරය ලීක් කළ සිද්ධියට කාන්තාවකුත් අත්අඩංගුවට (වීඩියෝ)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය ඇතුලු සැකකරුවන් තිදෙනා පෙබරවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ ඔවුන් අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පසුගිය 10 වැනිදා පැවැත්වුණු අතර පසුව අනාවරණය වූයේ එම ප්‍රශ්න පත්‍රය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවයි.

ඒ් අනුව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.

සිදුකර​න ලද විමර්ශනයේදී කෘෂි විද්‍යාව කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර විභාගයට පැවැත්වූ දිනයට පෙර බාහිර පාර්ශවයන් අතා පත්වී ඇති බවට තහවුරු වීමෙන් පසු පසුගිය 12 වැනිදා අදාල ප්‍රශ්න පත්‍ර අවලංගු කිරීමට කටයුතු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ඩී.සේ.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයා සහ කාර්යාල කාර්ය සහායකාය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකාර ගුරුවරයා විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වැනිදා සහ එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවයි.

ඒ් අනුව සැකකරුවන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය සහ සෙසු සැකකරුවන් දෙදෙනා අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ අනුව අවලංගු කල මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එළඹෙන පෙබරවාරි 01 වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙන අතර එහි පළමු කොටස එදින පස්වරු 01 සිට පස්වරු 03 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15