විදුහල්පති සේවයේ ගැටලු‍වලට ඇමතිගෙන් විසඳුම්

විදුහල්පති සේවයේ නොවිසඳී ඇති ගැටලු‍ විසඳීමට සහ වෘත්තීය ස්වභාවය උසස්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

මෙම වාර්තාව තුළ ප්‍රධාන කරුණු හයක් ඔස්සේ ගැටළු අධ්‍යයනය හා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර,

  • විදුහල්පති සේවාව පිළිගත් වෘත්තීයක් ලෙස දියුණු කිරීම
  • විදුහල්පති සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම
  • සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර අනාගතයට සුදුසු පරිදි ව්‍යුහගත කිරීම
  • විදුහල්පති කාර්යභාරය, වගකීම් හා වගවීම්
  • විදුහල්පතිවරුන්ගේ වැටුප් දීමනා වරප්‍රසාද හා කුසලතා වර්ධනය සඳහා අවස්ථා
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය යන කරුණු මීට ඇතුළත් ය.

දැනට 16,000කට අධික නිලධාරීන් පිරිසක් සිටින විදුහල්පති සේවයේ iii, ii, i ශ්‍රේණිවලට අයත් විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති හා උප විදුහල්පතිවරුන්ගේ සේවා අභිවෘද්ධිය හා පාසල් පද්ධතියේ නව අවශ්‍යතා සලකා විදුහල්පති අධිශ්‍රේණියක් ඇති කිරීමට නිර්දේශ කර තිබෙනවා.

වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6000.00 සිට රුපියල් 15000.00 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම මෙම කමිටු නිර්දේශ අතර වනවා.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින්ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සමිති නියෝජිතයින් හා අධ්‍යාපන නිලධාරීන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවෙහි හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් ඒ ධර්මදාස, පද්මා, සිරිවර්ධන හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස් ඩබ්ලිව් ගමගේ යන මහත්ම මහත්මීන් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

එළඹෙන පෙබරවාරි 01 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය (www.moe.gov.lk) මගින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කීරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39