විදුහල්පති සේවයේ ගැටලු‍වලට ඇමතිගෙන් විසඳුම්

විදුහල්පති සේවයේ නොවිසඳී ඇති ගැටලු‍ විසඳීමට සහ වෘත්තීය ස්වභාවය උසස්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

මෙම වාර්තාව තුළ ප්‍රධාන කරුණු හයක් ඔස්සේ ගැටළු අධ්‍යයනය හා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර,

  • විදුහල්පති සේවාව පිළිගත් වෘත්තීයක් ලෙස දියුණු කිරීම
  • විදුහල්පති සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම
  • සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර අනාගතයට සුදුසු පරිදි ව්‍යුහගත කිරීම
  • විදුහල්පති කාර්යභාරය, වගකීම් හා වගවීම්
  • විදුහල්පතිවරුන්ගේ වැටුප් දීමනා වරප්‍රසාද හා කුසලතා වර්ධනය සඳහා අවස්ථා
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය යන කරුණු මීට ඇතුළත් ය.

දැනට 16,000කට අධික නිලධාරීන් පිරිසක් සිටින විදුහල්පති සේවයේ iii, ii, i ශ්‍රේණිවලට අයත් විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති හා උප විදුහල්පතිවරුන්ගේ සේවා අභිවෘද්ධිය හා පාසල් පද්ධතියේ නව අවශ්‍යතා සලකා විදුහල්පති අධිශ්‍රේණියක් ඇති කිරීමට නිර්දේශ කර තිබෙනවා.

වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6000.00 සිට රුපියල් 15000.00 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීම මෙම කමිටු නිර්දේශ අතර වනවා.

මෙම කමිටු නිර්දේශ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින්ද සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අමාත්‍යාංශ චක්‍රලේඛ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ද ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සමිති නියෝජිතයින් හා අධ්‍යාපන නිලධාරීන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවෙහි හිටපු ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එම් ඒ ධර්මදාස, පද්මා, සිරිවර්ධන හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, විශ්‍රාමික ගණකාධිකාරී එස් ඩබ්ලිව් ගමගේ යන මහත්ම මහත්මීන් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

එළඹෙන පෙබරවාරි 01 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය (www.moe.gov.lk) මගින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කීරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?