AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ පාරවල්වල වැරදි කළ 158ක් ගැන ගත් තීරණය

CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (23) දිනයේත් ක්‍රියාත්මක උණා.

ඒ අනුව, ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 158ක් හදුනාගෙන එම වාහන හිමිකරුවන්ට මුලික පියවරක් ලෙස අවවාද කිරීමට අදාල පොලිස් වසම් දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

මෙහිදි විශේෂයෙන්ම තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී තිබෙනවා.

විශේෂයෙන්ම CCTV ජංගම රථ මගින්ද කොළඹ නගරයේ හදුනාගත් ස්ථාන වල නඩු ලබාගැනීම ආරම්භ කර ඇති අතර, පෙබරවාරි 01 වනදා සිට නඩු ලබාගැනීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?