බැංකු සේවිකාවක් වයෝවෘද්ධ පුද්ගලයෙකු රවටා ලක්ෂ ගණනක් වංචා කරලා

කිලිනොච්චිය ප්‍රදේශයේ බැංකු සේවිකාවක් හා ඇගේ ස්වාමි පුරුෂයා විසින් වයවෘද්ධ පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් වංචා කොට ඇති බවට කිලිනොච්චිය පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

එහිදී අදාල කාන්තාව 350,000 ක් හා 250,000 ක් වශයෙන් සිය මුදල් ලබා ගත් බව මෙම පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය දිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා තිබේ.