වියලි ගංජා කිලෝ දෙසිය විස්සක් යාල ජාතික වනෝද්‍යානයේ දී මාට්ටු (ජායාරූප)

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරක් අනුව බුත්තල, ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් යාල ජාතික වනෝද්‍යානයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු වියලි ගංජා කිලෝග්‍රෑම් දෙසිය විස්සක් සොයාගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව සඳහන්.

WhatsApp Image 2024 01 23 at 08.56.06
WhatsApp Image 2024 01 23 at 08.56.07 1
WhatsApp Image 2024 01 23 at 08.56.07
WhatsApp Image 2024 01 23 at 08.56.08 1
WhatsApp Image 2024 01 23 at 08.56.08
WhatsApp Image 2024 01 23 at 08.56.09
WhatsApp Image 2024 01 23 at 08.56.10
  1. ඒවා ගිනි තියලා සිංහල ආයුර්වේද බෙහෙත් හදන්න ඉන්දියාවෙන් සල්ලි වලට ගෙන්න පිස්සු ද. ඔය ටික ගන්නකො බෙහෙත් හදන්න



අපගේ නවතම වීඩියෝ පුවත්