AFC Banner
Empty Ad
Empty Ad

‘රාම් මන්දිර්’ අගමැති මෝදි අතින් අද විවෘත වේ

ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානය අද (22) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කිරීමට නියමිතයි.

1992 වසරේ දෙසැම්බරයේ හින්දු – මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා දමා විනාශ කළ බබ්රි මුස්ලිම් පල්ලිය පිහිටි ස්ථානයේ මෙම හින්දු දේවස්ථානය ඉදිකර තිබෙනවා.

2019 වසරේ දී හින්දු හිමිකම් නියෝජනය කරන්නන්ට පක්ෂව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු මෙම දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා.

‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් විශාල උත්සවයක් සංවිධානය කර ඇති අතර, එය දින කිහිපයක් පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දීය ජනතාව ආමන්ත්‍රණය කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?