AFC Banner
Empty Ad
Empty Ad

ITAK නව නායකයා ලෙස එස්. ශ්‍රී ධරන් පත්වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙසට එස්. ශ්‍රී ධරන් මහතා තේරී පත්ව තිබෙනවා.

ඒ එම පක්ෂයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදීයි. එහිදී පැවති ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 184ක් ලබා ගනිමින් නව නායකයා ලෙසට තේරී පත්වුණා.

නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් ද නාමයෝජනා භාරදී තිබුණා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය 1949 දෙසැම්බර් 18 වනදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී.චෙල්වනායගම් මහතාගේ නායකත්වය යටතේයි ආරම්භ කර ඇත්තේ.

පක්ෂය ආරම්භයේ සිට මේ දක්වා පක්ෂ විධායක සභාවේ එකමතික කැමැත්ත මත පක්ෂ නායකයින් තෝරා ගැනීම සිදුවී තිබෙනවා.

පක්ෂයේ දිස්ත්‍රික් කමිටු නියෝජනය කරන නියෝජිතයින් 321 දෙනෙකු අද පක්ෂ නායකත්වය තේරීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?