ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ රැකියාවේ නිරත රියදුරන් වෙත අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

“රෝද තුනේ රැකියාවට අලුත් එළඹුමක්- ලෙන්ගතුකම” ලෙස නම් කර ඇති ජාතික වැඩසටහන හම්බන්තොටින් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම වැඩසටහන පිළිබදව එම කර්මාන්තයේ නිරත ජනතාව හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්වුණා.

ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ ඩී.වී.චානකගේ ප්‍රධානත්වයෙනුයි.

මේ තුළින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩි දියුණු කර එමගින් අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීම අරමුණයි.

මේ සදහා ජලනල නඩත්තුව, විදුලි කාර්මික, වඩු කර්මාන්තය, කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රීරෝද රථ රියදුරන්ට පුහුණු වැඩසටහන් සිදු කෙරෙනු ඇති.

ඒ තුළින් අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදී එයට අදාළ උපකරණ සැපයීම ද සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2024 වසරේදී ඒ සඳහා යෝජිත මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 5ක්.

මුළු ප්‍රතිලාභීන් ගණන 560ක් වන අතර පළමු අදියරේදී හම්බන්තොටින් 70 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56