spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ රැකියාවේ නිරත රියදුරන් වෙත අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

“රෝද තුනේ රැකියාවට අලුත් එළඹුමක්- ලෙන්ගතුකම” ලෙස නම් කර ඇති ජාතික වැඩසටහන හම්බන්තොටින් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම වැඩසටහන පිළිබදව එම කර්මාන්තයේ නිරත ජනතාව හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්වුණා.

ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ ඩී.වී.චානකගේ ප්‍රධානත්වයෙනුයි.

මේ තුළින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩි දියුණු කර එමගින් අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීම අරමුණයි.

මේ සදහා ජලනල නඩත්තුව, විදුලි කාර්මික, වඩු කර්මාන්තය, කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රීරෝද රථ රියදුරන්ට පුහුණු වැඩසටහන් සිදු කෙරෙනු ඇති.

ඒ තුළින් අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදී එයට අදාළ උපකරණ සැපයීම ද සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2024 වසරේදී ඒ සඳහා යෝජිත මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 5ක්.

මුළු ප්‍රතිලාභීන් ගණන 560ක් වන අතර පළමු අදියරේදී හම්බන්තොටින් 70 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?