ETI මුදල් තැන්පත්කරුවන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර

ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ තැන්පත් කළ මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය වූ වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශය භාරව සිටි ප්‍රධානීන් ද පෞද්ගලිකව වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දී ඇත්තේ.

ඊට අමතරව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජුනි මස 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි ඊ.ටී. අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා ඇතුළු පාර්ශවයන්ට නියම කර තිබෙනවා.

අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 18 වනදා සිදු කිරීමටයි අධිකරණය නියෝග කළේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පුද්ගලික මූල්‍ය ආයතනයවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ වගකීමක් බවයි.

ඊ.ටී.අයි ආයතනය තුළ විවිධ අර්බුද මතුවන බවට 2011 වසරේ සිට මහ බැංකුව දැනුවත්ව සිටිය ද ඒ සම්බන්ධයෙන් පියවරක් නොගත් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සිය තැන්පතු මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසටයි තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18