‘අස්වැසුම’ ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

‘අස්වැසුම’ සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ, එම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇති පසුබිමකයි.

මේ අතර, ලැබී තිබූ අභියාචනා සහ විරෝධතා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව තවත් පවුල් ලක්ෂ 03ක් සඳහා අස්වැසුම සමාජ ප්‍රතිලාභ ලබාදීමට තීරණය කර තිබෙනවා.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු මීට පෙර සුදුදුකම් ලබා තිබූ පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත් වී ඇති බවයි.

මේ අතර මීළඟ වාරික මුදල ලබාදීමට පෙර අලුතෙන් තේරී පත් වූ පවුල්වලට ජුලි සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදාහැරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.