වැරදි පුවතක් ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස නිකුත් වීමට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID විසින් එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වමින් සිටි පාසල් ගුරුවරයෙකු ද සහ කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම කාර්යාල කාර්ය සහායකවරයා මොරටුව මහා විද්‍යාලයට අනුයුක්තව සේවය කරන අයෙක් බවට මාධ්‍ය කිහිපයක් මගින් වැරදියට ප්‍රචාරය කර තිබූ බව පොලිසිය සඳහන් කළා.

සැකකරුගේ අනන්‍යතාව පැහැදිලි කරමින් පොලිසිය පැවසුවේ එම පුද්ගලයා පාසලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කර ඇති අතර ඔහු මොරටුව මහා විද්‍යාලයට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු මොරටුව ප්‍රදේශයේ වෙනත් පාසලක කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කළ බවයි පොලිසිය සඳහන් කළේ.

කෘෂිකර්ම විද්‍යාව විෂයයේ 1 සහ 2 ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ එම ප්‍රශ්න පත්‍ර අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවා.

එම 1 සහ 2 ප්‍රශ්න පත්‍රවලට අදාළ විභාග ලබන පෙබරවාරි 01 වනදා නැවත පැවැත්වීමටයි දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

AL exam suspect


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18