රක්ෂණය හරි පාරට ගන්න කමිටුවක්

මෙරට රක්ෂණ කර්මාන්තය සාධනීය මාවතකට ගැනීමට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

එම ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි මෙම නිර්දේශය ලබාදීම සිදු වූයේ.

මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහබැංකුව, රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ජාතික රක්ෂණ භාර අරමුදල යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට කැඳවා තිබුණා.

මෙම නව කමිටුවට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආයතන නියෝජනය වන පරිදි සාමාජිකයන් පත්කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා මෙරට රක්ෂණ ක්ෂේත්‍රය එක් තැනක සිරවී ඇති බවත් එය වඩාත් සාධනීය ලෙස ප්‍රසාරණය විය යුතු බවත් කාරක සභා සභාපති ගාමිණි වලේබොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ලොව බොහෝ රටවල මෙන් ජනතාව ආකර්ෂණය කර ගනිමින් ජනතාවට සහ රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන පරිදි වඩාත් ආකර්ෂණීය ව්‍යාපාරයක් ලෙස මෙරට රක්ෂණ ක්ෂේත්‍රය වෙනස්විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් සහ සාධනීය පියවර පිළිබඳ නිශ්චිත සැලැස්මක් රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවවල එකඟත්වයෙන් සකස්විය යුතු බවත්, එහි මූලික ක්‍රියාමාර්ග ගැනීම මෙම කාරක සභා රැස්වීමේ මූලික අරමුණ බවත් වලේබොඩ මහතා පෙන්වා දෙනු ලැබුවා.

ජනතාවට රක්ෂණ හිමිකම් ගෙවීමේදී මුහුණදීමට සිදුවන පීඩා සහ අසාධාරණකම් නැවැත්වීමට රක්ෂණ සමාගම් නියාමනය වඩාත් ශක්තිමත් විය යුතු බව ද කාරක සභාව අවධාරණය කළා. රක්ෂණ ගාස්තු නියම කිරීමේදී මෙන්ම ප්‍රතිලාභ ලබාදීමේදී විශාල අසාධාරණකම් රැසක් වාර්තා වී ඇති බවයි මෙහිදී සාකච්ඡා වූයේ. කොවිඩ් කාලය තුළ වාහන රක්ෂණාවරණ සහ රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම 80%කින් පමණ අඩුවූ බවත්, ඒ අනුව එම කාල තුළ සමාගම් විශාල ලාභයක් උපයා ඇති බවත් මෙහිදී කාරක සභාපතිවරයා පෙන්වා දුන්නා. මේ අනුව ජනතාවට ලැබෙන ප්‍රතිලාභ වැඩි කිරීමටත්, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ අඩුලුහුඩුකම් නිවැරදි කිරීමටත් කඩිනම් පියවර ගත යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සහ නීතිවල ස්ථාවරත්වය ඇතුළු සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයන් කරුණු පැහැදිළි කළා. මේ අනුව මේ සියලු කරුණු සළකා බලා පත්කරන ලද කමිටු යෝජනා අනුව ඉදිරියේදී රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය සහ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් ගත යුතු නෛතික සංශෝධන ඇතුළු පියවර සදහා ආංශීක අධීක්ෂණ කාරක සභාව ඉදිරියේදී පෙනී සිටින බවයි වලේබොඩ මහතා සහතික වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41