AFC Banner
Empty Ad
Empty Ad

ශානිට STF ආරක්ෂාව ලැබෙයි ද?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකට මහතා විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝග නිකුත් කේරුණේ.

මෙහිදී ශානී අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයාට ලබා දී තිබෙන පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බවයි.

ඔහුට තිබෙන තර්ජන තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස් ආරක්ෂාව ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝග නිකුත් කළ අතර පෙත්සම පෙබරවාරි මස 21 වනදා කැඳවීමට ද නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?