පැට්ටාව මරා දමන්න පැහැරගෙන ගිය යතුරුපැදිය සොයාගැනේ

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී බුද්ධික ප්‍රසාද් නොහොත් ‘පැට්ටා’ නැමැති පුද්ගලයා වෙඩිතබා ඝාතනය කිරීමට ඔහුව පැහැරගෙන ගිය යතුරුපැදිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (16) නවගමුව පොලිස් වසමේ සේදවත්ත කළු පාලම අසල දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම යතුරුපැදිය එම බලකාය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, යතුරුපැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස හඳුන්වමින් පසුගිය 10 වනදා නවගමුව පොලිස් වසමේ අංක 55/54/01, ගලබඩවත්ත, කොරතොට, කඩුවෙල යන ලිපිනයේ පිහිටි නිවසට පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ එහි පදිංචිව සිටි බුද්ධික ප්‍රසාද් නොහොත් ‘පැට්ටා’ නැමැති පුද්ගලයාව පැහැරගෙන ගොස් තිබුණා.

පසුව එම පුද්ගලයාව කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල පාලම අසළ දී වෙඩි තබා සැකකරුවන් පළාගොස් තිබූ බවයි අනාවරණය වුණේ.

එහිදී බරපතළ තුවාල ලබා සිටි ‘පැට්ටා’ නැමැති පුද්ගලයා අතුරුගිරිය රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමෙන් පසු මියගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43