AFC Banner
Empty Ad
Empty Ad

පිහි ඇණුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – ඝාතකයා සහ තවත් අයෙකු තුවාල ලබා රෝහලේ

දෙදෙනෙක් අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

බෝයවලාන පොලිසිය සදහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහරච්චිමුල්ල, දුන්දෙණිය ජනපදයේ පදිංචිව සිටි ලියනවඩුගේ සුමේධ ක්‍රිශාන් ලියනගේ නැමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (14) පස්වරුවේ  බෝයවලාව, හෙන්ඩුවාව ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති අතර, මින් තුවාල ලැබූවන් අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයෙකු සහ ඝාතනය සිදුකළ තැනැත්තා ද වන බවයි පොලිසිය පැවසුවේ.

අපරාධය සිදුකළ සැකකරු ගංජා මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබා ගැනීමේ වරදට ඉකුත් 09 වැනිදා බෝයවලාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුව එලෙස අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයා බවටයි සැකකරු සිතාගෙන ඇත්තේ.

ඊයේ (14) පස්වරුවේ අදාළ පුද්ගලයා තම සහෝදරයෙකු ද සමඟ ගමන් කරමින් සිටිය දී අතර මඟදී සැකකරු හමු වී තිබෙනවා.

එහිදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව සැකකරු විසින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පිහි ඇණුමෙන් තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් මේ වන විට දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ ඝාතනය සිදුකළ සැකකරු අලව්ව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවා.

බෝයවලාන පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
3
+1
7
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?