ඒජන්සියට ගිය කාන්තාවට කළ සැලකිල්ල පොලිසිය දක්වා යයි (වීඩියෝ)

කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකදී කාන්තාවකට එහි සේවක සේවිකාවන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක්.

පහරකෑමට ලක් වු කාන්තාව ඒ පිළිබඳ පැමිණිලි කිරීමට කුරුණෑගල පොලිස් ස්ථානය වෙත ගිය අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගත් බවටත් පහර කෑ කාන්තාව චෝදනා කළා.

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකට ඊයේ ගොස් ඇත්තේ ඇයගේ 21 හැවිරිදි දියණිය විදෙස් ගත කරන අවස්ථාවේ අදාල ආයතනය විසින් ලබාදෙන බව කියු මුදලක් ලබාගැනීමටයි.

මුදල් ලබාගැනීමට විදෙස් රැකියා ආයතනයට ගිය කාන්තාවට ආයතනයේ සේවකයන් පහර දුන් බවත් ඒ් පිළිබඳව පැමිණිලි කිරීමට කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගත් බවත් කාන්තාව සමග පැමිණි ඇගේ යෙහෙළියක් ප්‍රකාශ කළා.

කාන්තාවට පහරදීම සම්බන්ධයෙන් පොලිසියෙන් පැමිණ ආරක්ෂිත කැමරා පරීක්ෂා කලේදැයි කළ විමසීමේදී ආයතනයේ සේවිකාවක් මෙලෙස අදහස් පළ කළා.

මේ පිලිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය වාර්තාකරුව ජංගම දුරකථනය ඔස්සේ රෑගත කිරීමට ද ආයතන සේවකයෙක් කටයුතු කර තිබුනා.

මේ අතර කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අලංකාරයට තබා ඇති මල් පෝච්චිවල ද අදාල විදෙස් රැකියා ආයතනයේ නම සටහන් කර ඇති අයුරු දැක ගත හැකි වනවා.

ඊයේ පස්වරුවේ විදෙස් රැකියා ආයතනයේ කළමනාකාරියව ද අත්අඩංගුවට ගෙන පසුව දෙපිරිස මුලස්ථාන පොලිස් පරීක්ෂඛවරයා වෙත ඉදිරිපත් කර සමථ මණ්ඩලයට යොමු කිරීමට සටහන් යොදා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර , අදාල විදේශ රැකියා ආයතනය රජයේ නීති රීති උල්ලංඝනය කරමින් කාන්තාවන් විදෙස් ගත කිරීමට කටයුතු කරන බව ද විදෙස් ගත කාන්තාවක් හෙළිදරව් කළා.

  1. පොලිසියේ මල් පෝච්චියේත් ඒජන්සිය නම තිබ්බනම් ආයි ඉතින් කතා දෙකක් නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43