AFC Banner
Empty Ad
Empty Ad

වමේ පක්ෂ එක්ව ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් (ඡායාරූප)

ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීමට 1994 වර්ෂයේ ඒකරාශි වූ වමේ පක්ෂවල එකඟතාවයෙන් සැදුම්ලත් සන්ධානයක් පිහිටුවීමට අවදානය යොමුව තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් අද (12) පැවැත් වුණා.

කොළඹ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවති මෙම සකච්ඡාව සඳහා වමේ පක්ෂ කිහිපයක නායකයින් එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩීව් ගුණසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ඇල්ෆ්‍රඩ් රාමනායක, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන අය මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 01 12 at 2.20.53 PM scaled
WhatsApp Image 2024 01 12 at 2.20.52 PM 1 scaled
WhatsApp Image 2024 01 12 at 2.20.52 PM scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?