AFC Banner
Empty Ad
Empty Ad

මූල්‍ය බංකලොත්භාවයක් රජය ප්‍රකාශ නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි (වීඩියෝ)

මූල්‍ය බංකලොත්භාවයක් රජය විසින් ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේප්‍රකාශ කර තිබෙනවා.

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැඳවා තිබූ අවස්ථාවේදී යි ඔහු මේ බව කියාසිටියේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

මෙහිදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළේ රජය විසින් මුල්‍ය බංකලොත් භාවයක් ප්‍රකාශයට පත් නොකළ බවයි.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කළේ තෝරාගත් ණය, යම්කිසි කාලසීමාවකට ගෙවීම තාවකාලිකව අත්හිටුවීම පමණක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව මුල්‍ය බංකලොත් භාවය යන යෙදුම භාවිත කිරීම තාක්ෂණික වශයෙන් නිවැරදි නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් යම්කිසි කාලසීමාවකට ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ගනු ලැබූ තීරණය දීර්ඝ ලෙස සාකච්ජා කර ආණ්ඩුව විසින් ගත් තීරණයක් බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නිසි ක්‍රමවේද භාවිතා කර එම තීරණය ගනු ලැබූ බව ද ප්‍රකාශ කළා.

රට ආර්ථික වශයෙන් දුර්වල වීමට මහ බැංකුවේ මුදල් තොගයක් ගුවන් මගින් උගන්ඩාවට ප්‍රවාහනය කර ඇති බව සමාජය තුල මතයක් පැතිර ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව මහ බැංකුවේ පවතින මුදල් එලෙස වෙනත් රටකට ගෙන යාමේ කුමන හෝ හැකියාවක් පවතී ද යන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතරු ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ තමන් දන්නා අයුරින් එලෙස සිදු කළ නොහැකි බවයි.

මෙම ආර්ථික අර්බුදය වසර ගණනක ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනකට එක්වන අවසන් අවස්ථාව මෙය වියයුතු බව ද සඳහන් කළා. ඒ සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වහාම සිදු කළයුතු බවත් මේ වන විටත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56
Video thumbnail
i Phone 16 ඔයාටත් ගන්න ඕනිද ? මෙන්න මිළදී ගන්න ඔබටත් අවස්ථාවක්
01:20
Video thumbnail
තමන්ගේ වේදිකාවේ ඉන්න අය ආරක්ෂා කරගන්න සමස්ථ වාර්ථාවක් විසිකරන්න ලෑස්ති වෙන්න එපා
06:49
Video thumbnail
ගම්මන්පිලට වැඩ වරදී - ටිල්වින් සැර ප්‍රකාශයක් කරයි
07:29
Video thumbnail
ගම්මන්පිලගෙ වාර්ථාව බොරුනම් - හදපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න #pasku
04:33
Video thumbnail
Breaking News🛑හර්ෂ ජනපති අනුර සමග එකතුවෙයි - හර්ෂ කළ විශේෂ ප්‍රකාශය මෙන්න
06:55
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ බිහිසුණු අනතුර - 27කට තුවාල...03දෙනෙකුට බරපතලයි...
01:03
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිව අන්දන්න හදනවා
02:42
Video thumbnail
අපේ යුතුකම අපි අවංකව ඉෂ්ඨ කළා
06:57
Video thumbnail
අලුත් පාස්පෝර්ට් එකේ අමුතු අමුතු සෙල්ලම් එළියට - ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න රිදෙන්නම කියයි
03:33

?