කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක් වතුර නැතිවෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පස්වරු 5.00 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව හෙට (13) පස්වරු 5.00 සිට අනිද්දා (14) පෙරවරු 9.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල සැපයුමේ සිදුකරන අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?