Indian Premier League

නිවාඩු ඇවිත් නිල ඇඳුමෙන් ගම වටේ ගිය හමුදා සෙබළා අත්අඩංගුවට

කිසිඳු හේතුවක් නොමැතිව නිල ඇඳුමින් සැරසී සමාජයේ සැරි සැරූ නිවාඩු ලබා නිවසට පැමිණ සිටි යුද හමුදා සෙබළෙක් පන්සියගම පොලීසිය මඟින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ 05 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවය කරන මකුල්පොත,දෙඹගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වුණේ.

නිල ඇඳුමින් සැරසුණු හමුදා සෙබළෙක් තම ගමේ සැරිසරණ බවට හේරත්ගම ප්‍රදේශවාසීන් පන්සියගම පොලිසියට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය සිදුකළ සොයාබැලීමේ දී මෙම සෙබළා සොයාගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ දින 10ක නිවාඩුවක් සඳහා පසුගිය 10 වනදා නිවසට පැමිණ ඇති බවයි.

මෙලෙස නිවාඩු ලබා නිවසට පැමිණ සිටින හමුදා සෙබළෙකුට තම නිල ඇඳුමින් සැරසී සමාජයේ සැරිසැරීමට නොහැකි බැවින්, කිසියම් වරදක් කිරීම සඳහා පූර්වෝපායේ යෙදීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකාර යුද හමුදා සෙබළා මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
13
+1
2
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?