නිවාඩු ඇවිත් නිල ඇඳුමෙන් ගම වටේ ගිය හමුදා සෙබළා අත්අඩංගුවට

කිසිඳු හේතුවක් නොමැතිව නිල ඇඳුමින් සැරසී සමාජයේ සැරි සැරූ නිවාඩු ලබා නිවසට පැමිණ සිටි යුද හමුදා සෙබළෙක් පන්සියගම පොලීසිය මඟින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ 05 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවය කරන මකුල්පොත,දෙඹගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වුණේ.

නිල ඇඳුමින් සැරසුණු හමුදා සෙබළෙක් තම ගමේ සැරිසරණ බවට හේරත්ගම ප්‍රදේශවාසීන් පන්සියගම පොලිසියට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය සිදුකළ සොයාබැලීමේ දී මෙම සෙබළා සොයාගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ දින 10ක නිවාඩුවක් සඳහා පසුගිය 10 වනදා නිවසට පැමිණ ඇති බවයි.

මෙලෙස නිවාඩු ලබා නිවසට පැමිණ සිටින හමුදා සෙබළෙකුට තම නිල ඇඳුමින් සැරසී සමාජයේ සැරිසැරීමට නොහැකි බැවින්, කිසියම් වරදක් කිරීම සඳහා පූර්වෝපායේ යෙදීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකාර යුද හමුදා සෙබළා මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46