තුන්වන එක්දින තරගයට බාධාවක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අවසන් තීරණාත්මක එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

තරගය තාවකාලිකව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

ශෙවොන් ඩැනියෙල් අද එක්දින වරම් හිමි කර ගනිමින් තරගයට ක්‍රීඩා කරනවා. අද ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, චරිත් අසලංක, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ දිල්ෂාන් මදුෂංක එක්ව සිටිනවා. දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ අද කණ්ඩායමට නම් කර නැහැ.

මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව C&D Upper and Lower Stands කොටස්වලට පැමිණ අවසන් එක්දින තරගය නැරඹිය හැකියි.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුනා.

දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්. එබැවින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගය අතිශයින් වැදගත් වනු ඇති.

පළමු සහ දෙවන එක්දින තරග නැරඹීමට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එතරම් ක්‍රිකට් ලෝලීන් පිරිසක් පැමිණ නොතිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19