spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුන්වන එක්දින තරගයට බාධාවක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අවසන් තීරණාත්මක එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

තරගය තාවකාලිකව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

ශෙවොන් ඩැනියෙල් අද එක්දින වරම් හිමි කර ගනිමින් තරගයට ක්‍රීඩා කරනවා. අද ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, චරිත් අසලංක, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ දිල්ෂාන් මදුෂංක එක්ව සිටිනවා. දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ අද කණ්ඩායමට නම් කර නැහැ.

මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව C&D Upper and Lower Stands කොටස්වලට පැමිණ අවසන් එක්දින තරගය නැරඹිය හැකියි.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුනා.

දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්. එබැවින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගය අතිශයින් වැදගත් වනු ඇති.

පළමු සහ දෙවන එක්දින තරග නැරඹීමට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එතරම් ක්‍රිකට් ලෝලීන් පිරිසක් පැමිණ නොතිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?