නව විශ්වවිද්‍යාලයකට කැබිනට් අනුමැතිය

අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

රජය අපේක්ෂා කරන්නේ එවැනි විශ්වවිද්‍යාලයක් හරහා අති නවීන ක්‍රමවේද උපයෝගී කරගැනීමට, ගෝලීය අධ්‍යයන සම්බන්ධතා පෝෂණය කිරීමට, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මූලික පරිසරයක් ඇතිකිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවටයි.

UC Berkeley, UC Riverside, UC Davis, University of Michigan යන විශ්වවිද්‍යාල ඇතුළුව හඳුනාගනු ලබන විශ්වවිද්‍යාල කිහිපයක් අතුරින් එක් හවුල්කාරී විශ්වවිද්‍යාලයක් තෝරාගෙන එම විශ්වවිද්‍යාල සමග සහයෝගීතාවයෙන් යුතුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙන් යෝජිත නව විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන්.

නව විද්‍යාත්මක සොයාගැනීම්, තාක්ෂණික නවෝත්පාදන සහ තිරසර සංවර්ධනය යන තීරණාත්මක අංශවල නායකත්වය දීමට දක්ෂ වෘත්තිකයින් පිරිසක් බිහි කිරීම සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් මෙම නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය පිහිටුවීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12