මුලතිව් ළිඳකින් භූමිතෙල් මතුවීමේ රහස හෙළිවෙයි

මුලතිව් වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිඳකින් භූමිතෙල් හමුවීමට පටන් ගැනීම නිසා පුදුකුඩිඉරිප්පු පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්හ කොට තිබේ.

අධික වර්ෂාවට පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිඳ සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිඳට අලුතින් එකතු වෙන ජලයේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන්නට පටන් ගෙන තිබේ.

මෙම ළිඳේ ජලයෙන් කඩදාසියක් පොඟවා ගින්නට ළං කළ විට ඉතා ක්ෂණිකව ගිනි ගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබඳව ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය දැනුවත් කොට තිබේ.

පොලිසියේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට ඇතත් ළිඳේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන ක්‍රමය පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇත.

පොලිසිය විශ්වාස කරන්නේ කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියේ සිදුව ඇති හානියක් නිසා මෙම ළිඳට භූමිතෙල් ළඟා වන බවයි.මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයාව දැනුවත් කොට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ළිඳෙන් ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම අනතුරුදායක නිසා ඒවා ලබා ගැනීම තාවකාලිකව තහනම් කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
2
+1
0
+1
6
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?