යුක්තියේ මෙහෙයුමට සමගාමීව ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ මෙහෙයුම් වලින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ගංජා වගාවක් කළ සැකකරුවකු සමග දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගලෙන්බිඳුණුවැව පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි කොට්ඨාශ නිලධාරින්ගේ තොරතුරු මත ගලෙන්බිඳුණුවැව දුෂණ මර්ධන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසු ගියදා ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් රැබෑව කොළණිය පඩිකාරමඩුව ප්රදේශයේ වයස අවුරුදු හැට දෙකක පුද්ගලයකු විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ලග තබා ගෑනීම හේතුවෙන් සැකපිට අත් අත්අඩංගුවට ගෙන (08) වෙනි සදුදා දින කහටගස්දිගිලිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළෙඹෙන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතිකිරිමට මහේත්රාත් වරයා නියෝග කොට තිබේ.
සිද්ධියට අදාලව පරික්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාපති තුමන්ගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන අංශයේ නිළධාරින් මගින් සිදුකරණු ලබයි.
පඩිකාරමඩුව ප්රදේශයේ සිදුකල විශේෂ පොලිස් මෙහෙයුමක් අතර වාරයේදී ගෙවත්තක වගාකොට පෝෂණය කර වගාකර තිබියදි උස ගංජා ගස් තොගයක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව ගංජා වගා කල පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදී සංතකයේ ගංජා ග්රැමි 08 ක් සොයාගත් අයකු පොලිස් අත් අත්අඩංගුවට ගෙන හටගස්දිගිලිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් 5000 සක දඩ මුදලක් ගෙවිමෙන් පසු මුදා හරින ලෙසට මහේත්රාත් වරයා නියෝග කොට ඇති බව අප කර විමසීමකදී ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාපති පැවසීය.




