8 වන මහලෙන් එක්දරු මවක් බිමට පනී

අවුරුදු 49ක් වූ කොළඹ 6 ප්‍රදේශයේ පදිංචි වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

ඇය විවාහක එක්දරු මවක් වන අතර, ඇයගේ සැමියා ඊට පෙර දින පුද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් සිට ඇති අතර සිද්ධිය වූ දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටිය දී, ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?