අද සිට ඩෙංගු මර්දන සතියක්

අද (07) සිට ලබන 13 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ මාසයේදී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් විය හැකි බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවන්නේ.

තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කෙරෙනවා.

අද දිනය තුළ අදාළ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ද නියමිතයි.

පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 88390 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 58 දෙනෙකු මිය ගිය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 11910 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ඊයේ (06) සිට ස්ථාපිත කර ඇති 011- 7 966 366 යන ක්ෂණික දුරකථන අංකයට පෙරවරු 8 සිට රාත්‍රි 8 දක්වා ඇමතීමෙන් ඩෙංගු රෝගය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දීමට ද හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04